Tuesday, March 6, 2012

කඩියා

ඩලා ව මන් අදුනා ගත්තෙ හැමදාම මම වැඩට එන බස් එකේ මූ එන හන්දා.ලග ඉන්නෙ බල්ලෙක් උනත් බලු පැටියෙක් උනත් මුගෙ වැඩේ මුගෙ පට්ටාන්තරේ දිග අරින එක.උදේ හවස යන්න එන්න තිබුණෙ එකම ලඩලන් CTB බස් කට්ටක් තමයි.අපි ඒකට කිව්වෙ කොත්තු කඩේ කියලා....මොකද ගේ ලගින් බහින කල්ම සලන් බලන් ගගා එකම සද්දෙ.අපට නම් ඒක ඒ තරම් ගානක් නැති උනත් ඉදලා හිටලා යන බුවෙක් බුවියක් බස් එකෙන් බැස්සාම වෙරි වෙලා වගේ ටිකක් විසි වෙන ගතියක් පේන්න තිබ්බා.ඒ උනත් කාලයක් යද්දි මගේ ඔෆීසියෙ උන් මට කිවා උබට දැන් ටිකක් කන ඇහෙන ගතිය අඩුයි නේද කියලා.කතාවෙන් පිට පැන්නා නේද...?හී හී......ඉතින් ඔහොම යන බස් එකේ ඩලාගේ පීචන් ටෝක් අහන් ඉන්න එක තරම් කර්මයක් ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ.ඕකට අහු නොව්න එකුදු මිනිස් පුලුටක් බස් එකේ හිටියෙත් නෑ.
අපි මූට ඩලා කිවට මුගේ අහල පහල කොල්ලො කුරුට්ටො මුට කිවේ කඩියා කියලා..අතරින් පතර එකෙක් මොටයා කියලත් කියනවා ඇහුනා...හැබැයි ඉතින් මේ නම් දාපු උන්ගෙන්ම තමයි දැනගන්න ඕනෙ මුට කඩියා කියන්නෙ ඇයි කියලා...මොකද උදේ වැසිකිලියෙන් පටන් ගන්න වැඩේ ඉදලා හවස නිදා ගන්න වැඩේ වෙනකල් මූ අමු කුම්මැහියා.....කොටින්ම කිවොත් ඉසේ ඉදන් පාදාන්තය දක්වා බැලුවොත් ඒක අමූලික ඇත්තක් බව පසක් වෙනවා.කෙස් ගස් 10ක් පමණ තියන ඔලුවේ ඉස් හොරි නිදියක්  ද,මැද පොල්ල අල්ලා ගන්නට අත උස්සන වේලේ උහුලා ගන්නට බැරි අමුර්ත සුවදක්ද,තවත් මෙකී නොකී ලක්ශණ n සන්ක්යාවක්ද ඩලා සතු වේ....

No comments:

Post a Comment