Tuesday, March 13, 2012

ඩලාගේ Company Get-Together





එක තැනක මාස 2ක් එක දිගට වැඩ කරන්න බැරි අපේ ඩලාට පනින රිලවට කොහෙන් හරි අත්තක් සෙට් වෙනවා වගේ එකකින් පනිද්දි තව ජොබක් සෙට් වෙනවා..
"ඇයි අනේ ඒ රස්සාවෙන් අයින් උනේ?ඒක හොද රස්සාවක්නේ.පඩිත් හොදයිනේ...?" යැයි ඩලාගේ හැදි මිටේ අඹු සිගිත්තිය අසන කල ඩලා පොර Talk දෙන්නේ මෙලෙසින්ය....
"එකේ බොසා කැමති නැහැ මන් එකේ වැඩක් කරලා ඉස්සරහට එනවට.."
"අනික් උන් බොසාට කේලම් කියනවා..මගෙ performance හොද හන්දා උන් මට ඊරිසියයි"
"මොකටද මෙහෙම කට්ට කන්නෙ?අපි එලියට යද්දි company අපිව ගන්න පොරේ.."
නමුත් රියල් කථාව ටාග්ට් නැති කමත් කයිවාරුවත්..කම්මැලිකමත් නිසා බොසාලාගෙන් ඩලා Promotion ලැබීමය.
කොහොම හරි ඩලාගේ ජල්තර ලයිෆ් එකේ 6 වන ජොබට සෙට් වී සතියකින් Get-Together එකකට යන්නට සිදු විය."ඔයා ඉන්නකො..ගිහිල්ලත් තවම සතියනෙ..අනික සල්ලිත් නැනේ ඔවයෙ යන්න.."හැදි මිටේ අඹුව කියද්දි ඩලා ඇස් දෙකත් ඩොගිත්තාගන අඹුවට කඩන් පැන්නේ" එහෙම බැ....මන් යන්න ඕනිම නිසයි Company යෙන් මට invite කලේ....තමුසෙලා මේක අස්සට වෙලා හිටියට අපි Social කොල්ලො..."කියාගනය.නෝටි ෆෝටි කලින්ම ලැබූ "කොල්ලා"කෙසේ හෝ ණයක් වී මිලදීගත් අලුත්ම ශර්ට් එකක්ද හැද පැලද  හවස් යාමයේ ගෙයින් දොට්ට බැසීය.

පසුදාට පහන් විය.උදැසන 8 ට පමණ කරබාගනම නිවසට ඇතුලු වූ ඩලා කමරයට වැදිණ."දුව...එලවළු කූඩේ රාබු අලේ නරක් වෙලාද කොහෙද?විසි කලා නම් හරි..කන්ට පුලුවන් කැමක්යැ.....මේ මිනිහා උස්සන් ආවට.."ඩලාගේ මව ලේලියට කියනු ඇසිණි.
"අම්මේ.....මේ..මේ..හේ එන්නකො...මෙයාට කක්කා වෙලා...."
බැලින්නම් නරක් වී ඇත්තේ ඩලාගේ රාබු අලේය.ඇසුනු එක අන්ශුවර් හන්දා දුවන් ආව මව්තුමියට උදේ කෑව රොටියද Return විය.
"උඹ කොලඹ ඉදන් ඔහොමද ආවේ?"තුනටියේ සිට කකුල් දක්වා බේරී තිබු ඩලාගේ Spirit දැක මව්තුමිය ඇස් දෙක බොයිල් කරගන,නාහෙටද අතක් තබාගන ඇසීය."ඉකේයියා...ගදේ බෑ...."අඹුවද කාමරෙන් පැන්නාය..කිසිත් නොකියාම මුදල් පසුම්බිය පවා සෝදා නා ගත් ඩලා කලින් දින Social වැඩි වී ගූ නා ගත් හැටි මතක් කරමින් නින්දට වැටිණි....

Tuesday, March 6, 2012

කඩියා

ඩලා ව මන් අදුනා ගත්තෙ හැමදාම මම වැඩට එන බස් එකේ මූ එන හන්දා.ලග ඉන්නෙ බල්ලෙක් උනත් බලු පැටියෙක් උනත් මුගෙ වැඩේ මුගෙ පට්ටාන්තරේ දිග අරින එක.උදේ හවස යන්න එන්න තිබුණෙ එකම ලඩලන් CTB බස් කට්ටක් තමයි.අපි ඒකට කිව්වෙ කොත්තු කඩේ කියලා....මොකද ගේ ලගින් බහින කල්ම සලන් බලන් ගගා එකම සද්දෙ.අපට නම් ඒක ඒ තරම් ගානක් නැති උනත් ඉදලා හිටලා යන බුවෙක් බුවියක් බස් එකෙන් බැස්සාම වෙරි වෙලා වගේ ටිකක් විසි වෙන ගතියක් පේන්න තිබ්බා.ඒ උනත් කාලයක් යද්දි මගේ ඔෆීසියෙ උන් මට කිවා උබට දැන් ටිකක් කන ඇහෙන ගතිය අඩුයි නේද කියලා.කතාවෙන් පිට පැන්නා නේද...?හී හී......ඉතින් ඔහොම යන බස් එකේ ඩලාගේ පීචන් ටෝක් අහන් ඉන්න එක තරම් කර්මයක් ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ.ඕකට අහු නොව්න එකුදු මිනිස් පුලුටක් බස් එකේ හිටියෙත් නෑ.
අපි මූට ඩලා කිවට මුගේ අහල පහල කොල්ලො කුරුට්ටො මුට කිවේ කඩියා කියලා..අතරින් පතර එකෙක් මොටයා කියලත් කියනවා ඇහුනා...හැබැයි ඉතින් මේ නම් දාපු උන්ගෙන්ම තමයි දැනගන්න ඕනෙ මුට කඩියා කියන්නෙ ඇයි කියලා...මොකද උදේ වැසිකිලියෙන් පටන් ගන්න වැඩේ ඉදලා හවස නිදා ගන්න වැඩේ වෙනකල් මූ අමු කුම්මැහියා.....කොටින්ම කිවොත් ඉසේ ඉදන් පාදාන්තය දක්වා බැලුවොත් ඒක අමූලික ඇත්තක් බව පසක් වෙනවා.කෙස් ගස් 10ක් පමණ තියන ඔලුවේ ඉස් හොරි නිදියක්  ද,මැද පොල්ල අල්ලා ගන්නට අත උස්සන වේලේ උහුලා ගන්නට බැරි අමුර්ත සුවදක්ද,තවත් මෙකී නොකී ලක්ශණ n සන්ක්යාවක්ද ඩලා සතු වේ....

අදහසේ උපත

හා හා පුරා බ්ලොග් එකක් කරන්න Start එක දෙන්න හිතුනෙ මොකෝ කියලා කස්ටියම හිතනවා ඇති.ඔන්න කතාව අහගන්නකො හොද එව්වො ටික වගෙ.
හැමදාම උදේම ඔෆීසියට ආවට කරන්න කියලා වැඩක් ඇත්තෙත් නැහැ.නැත්තෙත් නැහැ.එක එක උන්ට  අවේණික වෙච්ච වැඩ කෝටියයි.එකෙක් උදේ ඉදන් බ්ලොග් එකක් අස්සෙ නැළවෙනවා.තව එකෙක් ලෝකයෙක් අල්ලගන සිහින ලෝක මවනවා.මගෙ වැඩේ තමයි අහල පහල උන්ගෙ ඕපාදූප යක් අල්ලන් ඕකට තාලේ අල්ලන එක.ඔහොම ඉද්දි බ්ලොග් ලියන එකා මට කියපි "උඹෙ කතා මල්ල දාපන් බ්ලොග් එකකට,මාර ආතල් බන් බ්ලොග් ලියන එක" කියලා.මාත් ඉතින් ආතල් එකක් ගන්න ඔන්න පටන් ගත්තා.බැලින්නම් මේකත් නරකම නැහැ වගේ.